Unstoppable- 2010 | කොහේ නවතියිද ? - සිංහල උපසිරැසි සමඟ

0 comments
මේක මැක්සා ෆිල්ම් එකක්, අත් වැරැද්දකින් වෙන දේ කොච්චර බරපතලද කියලා හිතෙනවා මේක බැලුවහම , අපි හිතන්නේ නැතුව කරන දේකින් කොච්චර ලොකු විනාශයක් වෙයිද කියලා හිතාගන්නත් බෑ සමහර වෙලාවට,,ඉතින් මේකේ කතාව කෙටියෙක් කිව්වොත් දුම්රිය රියදුරෙක් ට්‍රැක් එක මාරු කරන්න හෙමින් යන කෝච්චියෙන් බැහැලා ඉස්සරහට දුවනවා, ඒ අතරෙදි දුම්රියේ ගියර් පද්ධතියෙ ගියර් එක 8 වෙනි එකට මාරු වෙනවා..ඉතින් මේ මනුස්සය ෆුල් ට්‍රයි එකක් දානවා ආපහු දුම්රියට නගින්න, ඒත් කොහේ නගින්නද ,මේ දුම්රිය, ඩ්‍රයිවර් කෙනෙකුත් නැතුව නගරයට යනවා,, ඔක්කොමට වඩා සිද්ධිය නම් මේකේ තියෙන්නේ ඩීසල් ලීටර් 5000 සහ විෂ රසායනික ද්‍රව්‍යක් ලීටර් 30000 , මලා තමයි නේද ?, ඉතින් මේකෙ පොරවල් දෙකක් මේ දුම්රියට ඇවිත් ඒක බේරගන්න සිද්ධිය කට්ටිය එහෙනම් බලන්නකෝ..

Death Race 2 - 2011 - හිරගෙයි යුද්ධය

0 comments
මේක 2011 රිලීස් වෙන්න තිබුනට 2010 දි එක රටක විතරක් රිලීස් වෙලා තිබුනා..මං ඩවුන්ලෝඩ් කරලා නම් ගොඩාක් කල්.. ඒත් දැන්ම දෙනවද නැත්ද කිය කිය කල්පනා කර කර හිටියේ..ඉතින් අන්තිමට හිතුනා ගොඩා කාලෙකින් සිංහල සබ් එක්කවත් ෆිල්ම් එකක් දෙන්න බැරි වෙච්ච එකේ.. සිංහල සබ් නැතුව හරි හොඳ ෆිල්ම් එකක් දෙන්න ඕනා කියලා.. මේකෙ දැනට IMDB රේට් එකනම් 5.6 තියෙන්නේ..නමුත් මැක්සා ෆිල්ම් එකක්.. ඔන්න එහෙනම් කට්ටිය ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න .,මේකෙ පලවෙනි එක කට්ටිය බලන්න ඇති කියලා මං හිතනවා.. ඒක නම් කියන්න දෙයක් නෑ..එච්චරටම මැක්සා ෆිල්ම් එකක්. ඉතින් මේකත් ඒකට දෙවනි නෑ..

200 pounds beauty එයා මාර කෑල්ලක්නේ

0 comments


ඔන්න අද මම මගේ තුන්වැනි ලිපිය හැටියට ඔයාලට දෙන්න යන්නේ නියම Movie එකක් මේක ඇවිල්ලා කොරියන් මූවි එකක්. කට්ටිය කොරියන් කථා එහෙම බලලා ඇතිනේ fullhouse එහෙම නේද? ඉතිං ඒ අය මේ film එක ගොඩක් ආසාවෙන් බලයි

මේකෙ කථා සාරංශය ගැන කියනවනම් තරබාරු කෙල්ලෙක් ප්ලාස්ටික් surgery එකක් කරගෙන ඇගේ බර නැති කරගෙන ලස්සන කෑල්ලක් වෙලා එයා වැඩකරන studio එකට අළුත් කෙනෙක් හැටියට ගිහින් සිද්දවෙන ඉතා රසවත්, හිනායන, romantic දේවල් තමා මේ චිත්‍රපටියේ අඩංගු වෙන්නේ.
ඉතිං වැඩි කථා ඕනෙ නෑ movie එක බාගෙන බලන්නකො අනිවා ඔයාලා මේකට ආසවේවි.






Piranha 2010 උන් අපිවත් කයිද?

0 comments

ඔන්න සත්තුන්ගේ කථා බලන අයට හොද film එකක් දෙන්නයි මේ හදන්නේ. ගොඩ දවසකින් තමා සතෙක්ගෙ කථාවක් release වුනේ ඉතිං ඒක හින්ද මම හිතුවා Movies Cafe එකෙන් අද එම Movie එක ඉදිරිපත් කරන්න.

Movie එක ගැන කියනවනම් ඉතිං අවුරුදු මිලියන ගානකට පෙර පෘතුවියෙන් වද වෙලාගිය මිනී කන මාළු ජාතියක් නැවතත් එක්තරා විලකින් මතුවෙලා විලට බහින නංගිලා මල්ලිලට කරදර කරන එක තමා මූලික සිද්දිය. හැබැයි ඉතිං එක්කෙනෙක් දෙන්නෙක් මැරිලා shape වෙන්න ගිය වැඩේ මේ කියන එක නාහන බොනපාට් බුවාලා බුවීලා හින්ද අන්තිමට බුරුතු පිටින් Piranha මාළුන්ගෙ ගොදුරු බවට පත්වන එකයි සිද්ද වෙන්නේ ඉතිං වැඩිය විස්තර කියන්න ඕනෙ නෑ ඔයාලා film බාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා



I Spit on Your Grave (2010) කෙල්ලන්ට කරදර කරන්නෙ බලාගෙනයි....

0 comments

මේක මගෙ පලවෙනි ලිපිය හැටියට අද මම ඔයාලට ඉදිරිපත් කරනවා. මේක මම මේ ලගදි බලපු film එකක්. worng turn, Saw වගේ film බලන අය මේ film එකත් ආසාවෙන් බලයි කියල මම හිතනවා. Film එක ගැන කෙටියෙන් කියනවනම් එක්තරා පාළු පැත්තක නිවසකට තනිවම පැමිණෙන කෙල්ලෙක්ට ඒ පැත්තෙ ඉන්න මරු මස්ලා Set එකක් එකතුවෙලා කරන rape සීන් එකක් වටා තමා කථාව ගෙතිල තියෙන්නේ. (පව් වැඩේ ඉතිං)

හැබැයි ඉතිං මේක බැලුවට පස්සේ ඔයාලා කෙල්ලන්ට කරදර කරන්නනම් යන එකක් නෑ. මොකද මේකෙ ඉන්න නංගිනම් අන්තිමට Saw film එකේ වගේ ගේමක් දීලා තමා මරුමස්ලා ටික කම්බස් කරන්නේ. ඉතිං මම කියනවට වැඩිය ඔයාලා film එක බාගෙනම බලන්නකෝ මොකද වෙන්නේ කියලා

comment පාරකුත් දාන්න අමතක කරන්න එපා... :)