Unstoppable- 2010 | කොහේ නවතියිද ? - සිංහල උපසිරැසි සමඟ

මේක මැක්සා ෆිල්ම් එකක්, අත් වැරැද්දකින් වෙන දේ කොච්චර බරපතලද කියලා හිතෙනවා මේක බැලුවහම , අපි හිතන්නේ නැතුව කරන දේකින් කොච්චර ලොකු විනාශයක් වෙයිද කියලා හිතාගන්නත් බෑ සමහර වෙලාවට,,ඉතින් මේකේ කතාව කෙටියෙක් කිව්වොත් දුම්රිය රියදුරෙක් ට්‍රැක් එක මාරු කරන්න හෙමින් යන කෝච්චියෙන් බැහැලා ඉස්සරහට දුවනවා, ඒ අතරෙදි දුම්රියේ ගියර් පද්ධතියෙ ගියර් එක 8 වෙනි එකට මාරු වෙනවා..ඉතින් මේ මනුස්සය ෆුල් ට්‍රයි එකක් දානවා ආපහු දුම්රියට නගින්න, ඒත් කොහේ නගින්නද ,මේ දුම්රිය, ඩ්‍රයිවර් කෙනෙකුත් නැතුව නගරයට යනවා,, ඔක්කොමට වඩා සිද්ධිය නම් මේකේ තියෙන්නේ ඩීසල් ලීටර් 5000 සහ විෂ රසායනික ද්‍රව්‍යක් ලීටර් 30000 , මලා තමයි නේද ?, ඉතින් මේකෙ පොරවල් දෙකක් මේ දුම්රියට ඇවිත් ඒක බේරගන්න සිද්ධිය කට්ටිය එහෙනම් බලන්නකෝ..

0 comments:

Post a Comment